Friday , December 14 2018
Breaking News
Home / 18+ / Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

Rating: 9.5/10. From 83 votes.
Please wait...

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ තබනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන ටොරන්ට් පිටපත් විවිධාකාර පිටපත් නිසා මේ උපසිරැසිය 100%ක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න පිටපත එක්ක නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන පිටපත්වල ගුණාත්මකබාවය අඩු වුනත් ගොණුවේ ප්‍රමාණයෙන් නම් අඩුපාඩුවක් නැතුව ගිගාබයිට් එක දෙක පන්නලා තියෙන නිසා හැම පිටපතක්ම ඩවුන්ලෝඩ් කර-කර ඒ ඒ කතා වලට ගැලපෙන විදියට උපසිරැසිය හදන්නත් අමාරුයි. ඒ වගේම ඒ ඒ පිටපත් වලට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසි මොනවද කියලා දැනගන්නත් ඒ ඒ පිටපත් ඩවුන්ලෝඩ් කරගෙන ගලපනවා මිසක් එකිනෙකට වෙනස් පිටපත් වලට අදාල ඉංග්‍රීසි උපසිරැසි වලට අනුකූලව සිංහල උපසිරැසිය සින්ක් කරන්න අමාරු නිසා, මම අඩුවට හොද කොලිටියට තියෙන පිටපතක් තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරලා තමයි මේ උපසිරැසිය හදලා තියෙන්නේ. ඒ නිසා දැන්ම බලන්න හදිසි ඇත්තෝ ඉන්නවනං උපසිරැසිය කලින් දුවනවා පරක්කු වෙලා දුවනවා කියලා අමුතුවෙන් කමෙන්ට් වල සටහන් කරන්න දෙයක් නෑ. මොකද කිව්වොත් පුතේ ඒ තමයි ලෝක ස්වභාවේ. ඒකත් එක්ක මට හැප්පෙන්න අමාරුයි.

හොදයි එහෙනං ඒ තමයි මගේ පෞද්ගලික Disclaimer එක. එහෙනං මෙච්චර දුරක් ආපු එකේ මම මෙතක් කරපු උපසිරැසි ගැන පොඩි සාරාංශයක් පහලට පෙල ගස්වන්නම්. හැබැයි දින වකවානු නම් සටහන් කරන්නේ නෑ, මොකද කිව්වොත් කවුරුවත් ඒ ගැන දැනගන්න අවශ්‍යතාවයක් නැතුව ඇති කියලා හිතන නිසා, නැතුව ලිපිය ලියන්න කම්මැලි නිසා නෙමෙයි. 😉

TV
===

  • The Mentalist – (S01 – S07) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (150)
  • Elementary – (S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (9)
  • Nikita – (S01 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (73)
  • The Messengers – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)
  • The Last Ship – (S02 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (36)
  • Sense8 – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (21)
  • Marvels Agents of S.H.I.E.L.D – (S03, E04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (33)
  • Under the Dome – (S03) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
  • Scorpion – (S02, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (23)
  • ShadowHunters – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (4)
  • Marvels Jessica Jones – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
  • Teen Wolf – (S05) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
  • Lucifer – (S03, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (2)
  • Marvels Luke Cage – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
  • The Gifted – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
  • Deception – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)

Films
=====

1). Barly Leathal (2015)
2). Chloe and Theo (2015)
3). Citizenfour (2014)
4). Pitch Perfect 2 (2015)
5). Pitch Perfect 3 (2017)
6). The Help (2011)
7). Doctor Strange (2016)
8). Valerian and the City of a Thousand Planets (2017)
9). Deadpool (2016)
10). Deadpool 2 (2018)

ඉතිං ඔය තමා මගේ කැරැට්ටුව. ඔව්, මූ ගොඩක්ම කරලා තියෙන්නේ ටීවි තමා. ඒ වගේම ෆිල්ම් වලින් අංක 1 සහ 8 ඇරෙන්න අනිත් හැම එකක්ම ගොඩක්ම ආසාවෙන් මට වෙහෙසක් වත් නොදැනීම මම කරපු උපසිරැසිය කියලා මතක් කරන්න කැමතියි. මොකද කිව්වොත් ඒ ෆිල්ම් මම ආසාවෙන් බලපු ඒවා නිසා. ඒ හින්දා දැනට ඔය ෆිල්ම් ලිස්ට් එකේ ෆිල්ම් එකක් හරි නොබලපු අය ඉන්නවනං දැන්ම අරගෙන බලන්න.

මෙතන ඉදන් තමයි අමාරු කටයුත්ත තියෙන්නේ. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නත් ඕනේ, ඒ වගේම වෙබ් අඩවියේ මුල් කාලේ පටන් පැවතගෙන ආපු සම්ප්‍රධායක් වුනු නාමාවලි සදහනක් සිද්ධ කරන්නත් ඕනේ. හැබැයි මෙතනදී සම්ප්‍රධායානුකූලව වැඩ කරන එකත් එපා වෙන වැඩක්. මොකද කිව්වොත් ඉස්සර අඩවිය පවත්වාගෙන යන්න කියලා අත හිත දීගෙන හිටියේ බොහෝම සුලු ප්‍රමාණයක්. ඒ වගේම අපේ කකුලෙන් අදින්න අම්බානක කට්ටිය හිටියා. උන් එක්ක ඔන්ලයින් වලි යන්න බහින සෙට් එක තමා ඒ කාලේ ෆිට්. ඔව් ඉතිං මතක් කරනවා කියලා සටහන් කරන්න තරම් ලොකු නම් ප්‍රමාණයක් තිබුනේ නෑ. ඒත් ඒ හිටපු අතලොස්සක් කිහිප දෙනාගේ අප්‍රතිහත ධෛර්ය වගේම මොකක්දෝ ලොකු වාසනාවක් නිසා ඇස්වහක් කටවහක් නෑ දැන් බයිස්කෝප් ලොකු පවුලක් වෙලා තියෙනවා. හරියට ටීවි චැනල් වල යන ඉවරයක් නැති හින්දි කතාවක වගේ. මූණු දැක්කත් ඇත්ත නම් මතක් නොවන ගානට දැන් සාමාජිකයෝ බයිස්කෝප් වටේට ඉන්නවා. ඒ හින්දා අමනාපයක් වෙන එකක් නෑ කාගේවත් නම් මතක් නොකරන එකට. හැබැයි පොදුවේ අපේ ඇඩ්මින් මඩුල්ලට වගේම අපිත් එක්ක ටච් එකේ ඉදගෙන වෙබ් අඩවියට අතහිත දෙන හැම කෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝම ආදරෙන් මතක් කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි පුංචියට ඉදිද්දී අමාරුවෙන් ඉංග්‍රීසි ගෙට ගහගෙන කොහොමහරි ගොඩක් වචන වරද්ද වරද්ද උපසිරැසි කරලා 50 කඩයිම් පන්නලා ආපු කාලේ පුංචියට තිබුනු වෙබ් අඩවිය නෙමෙයි දැන් තියෙන්නේ. 400 ගහලා අහස ලඟයි කියලා හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්න අපිට දැන් සාගරයක් වගේ ලොකු වෙබ් අඩවියක් එක්ක හිතමිතුරු කම් ගොඩක් ඇතිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට උපසිරැසියක් වගේ පොඩි දෙයක් නැතුව මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම සතුටු 400ට වඩා ඒ ගැනයි. ඒ වගේම 400 ගැනත් සතුටුයි.

ෆිල්ම් එකට බහිමු නේද? 300 වෙනි කඩයිමෙන් හමුවුනු Deadpool පලමු කතාවෙන් අවුරුදු 2කට පස්සේ තමයි මේ විදියට වෙඩ් විල්සන්ගේ කෙරුවාව බලන්න හැමෝම සූදානම් වෙන්නේ. වේඩ් විල්සන් කියන්නේ කවුද කියලා පලමු කතාව බලපු හැමෝම දන්නවා ඇතිනේ. කතාවේ මුල හරියෙන්ම කෙල්ල සෙට්වෙලා අවුරුද්දක් වැනේසා එක්ක ඇදේම ගත කරපු මිනිහා කසාද බදින්න කියලා ඇද උඩම විවාහා ගිවිසලා ඇදෙන් බැහැලා චූ පාරක් දාන්න පැත්තකට ගියපු ගමන් කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ තමයි දැනගන්නේ මිනිහට සහලෝල පිලිකාව බව. ඉතිං අන්තිමට පිලිකාව සනීප කරගන්න කියලා නීති විරෝධී පර්යේශණයකට භාජනය වෙන වේඩ් විල්සන් වුල්වරීන්ට හා සමාන බලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා.

අතින් අස්ථිමය උල් පිට නොවුනත් වුල්වරීන් හා සමාන සුව වීමේ ශක්තියක් ඩෙඩ්පූල්ට තියෙනවා. ඒ වගේම අතක් පයක් ගැලවිලා ගියත් ඩෙඩ්පූල්ගේ ඒක ආපහු වැවෙන බවත් කලින් කතාව බලපු අයට දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් වුනු දෙයක් තමයි Ryan Reynolds, වේඩ් විල්සන් හෙවත් ඩෙඩ්පූල් විදියට X-Men Origins (2009) කතාවේ හිටපු බව. එත් අන්තිමට ස්ට්‍රකර් අතින් එයා සුපිරි ආයුධයක් බවට පත් වෙලා වුල්වරීන් සහ එයාගේ සහෝදරයා වෙන සේබර්ටූත් එක්ක එකට සටන් කරනවා. ඒත් අවසානයේ ඒ කතාවේ ඩෙඩ්පූල් වුල්වරීන්ට පරදිනවා. ඒ වගේම තමයි ඩෙඩ්පූල් කියන චරිතය කොමික් වල විදියට ඇන්ටි-හීරෝ කෙනෙක් නැතුව තනිකරම දුශ්ඨයෙක් කරලා තමයි සිනමාව හරහා පෙන්වන්නේ. මෙතනදී තමයි සම්පූර්ණ අසාර්ථකත්වටය පත්වුනු Green Lantern (2011) කතාව හරහා බ්ලැක් විඩෝව දික්කසාද කරලා තමුන්ගේ සැබෑ ජීවිතේ අනාගත බිරිද වුනු බ්ලේක් ලයිව්ලි කරකාර බන්දගෙන DC වලට නොසෑහෙන්න දෙස් දෙවොල් තියාගෙන ඩෙඩ්පූල් චරිතෙට අලුත් ආරම්භයක් දෙන්න ඕනේ කියලා රයන් රෙනෝල්ඩ්ස් හිතන්නේ. අවුරුදු ගානක් කට්ට කාලා අන්තිමට මිනිහා FOX ස්ටුඩියෝ එක කැමති කරවා ගන්නවා චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඒ උත්සාහය තමයි අවුරුදු ගානකට පස්සේ 2016 දී මුල්ම ඩෙඩ්පූල් චිත්‍රපටිය විදියට එලිදැක්වුනේ. මෙතනදී ප්‍රධාන නලුවා තනිකරම ප්‍රධාන නලුවා විතරක් නෙමෙයි. කතාවේ නිශ්පාදක කෙනෙක් වගේම රචකයෙක් විදියටත් සැලකියයුතු දායකත්වයක් මේ කතාවට ලබා දෙන්නේ. ඒ ගමන් මගේ හැලහැප්පිලි තමා කතාව ඇතුලේ යම් යම් තැන් වල අපට නොතේරෙන විහිලු විදියට අහන්න ලැබෙන්නේ.

Fox ස්ටුඩියෝ එක චිත්‍රපටිය හදන වැඩේට අන්තිමට එකඟ වුනත් ඩෙඩ්පූල් කතාවේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් තිබුනේ නැති නිසා FOX විසින් මෙතෙක් කාලයක් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන ආපු කිසිම X-Men චරිතයක් ඩෙඩ්පූල් කතාවට ලබා දෙන්නේ නෑ. ඒකට හේතුව තමයි හදිසියේවත් ඩෙඩ්පූල් කතාව අසාර්ථක වුනොත් ඔවුන් මෙතෙක් දුරට ගෙන ආපු X-Men කතාව සාර්ථකව ගලාගෙන ආපු ආකාරයට එය බාධාවක් වෙන නිසා. නමුත් චාර්ල්ස් එක්සේවියර්ගේ මන්දිරය සමග මෙතෙක් සිනමාව තුල අප්‍රසිද්ධව තිබුනු චරිත කිහිපයක්, ඒ කියන්නේ පැත්තකටම දාලා තිබුනු චරිත කීපයක් අරගෙන කුණු දූවිලි පිහදාලා හොද ගැලපෙන නලු නිලි පිරිසක් ඒ චරිත වලට ආරූඪ කරලා, තමුන්ගේ උප්පත්තියෙන් ආපු කටකැඩිච්චි ගතියෙන් ඔප දාලා, සාර්ථකව පලමු චිත්‍රපටය නිර්මාණය කරනවා. ඔයාලා පලවෙනි කතාව බැලුවා නම් මතක ඇති ඩෙඩ්පූල් වතාවක් දෙවතාවක් අහනවා “කෝ අනිත් X-Men ලා”කියලා.

ඒ වගේම තමයි X-Men කතාව වුනත් අනාගතය, අතීතය විදියට කොටස් දෙකකට බෙදිලා, ඉස්සර ඉදන් කතාව බලපු සමහරක් අයටත් දැන් ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම X-Men: Days of Future Past (2014) ෆිල්ම් එකේදී වුල්වරීන් අතීතයට ගියත්, එතනදී ටයිම් ලයින් එක දෙකට බෙදිලා අතීතය වෙනස්ම විදියකට ගලාගෙන යනවා. ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන්නේ අපිට හුරු පුරුදු අපි පුංචි කාලේ ඉදන් බලාගෙන ආපු ෆිල්ම් සෙට් එකට අදාල කොටසක් විදියටයි. අන්න ඒ නිසා තමයි ඩෙඩ්පූල් පලමු කතාවේදී කොලෝසස් ඩෙඩ්පූල්ට මහපාරේ තඩිබාන වෙලාවේදී “මැකවෝයි ද ස්ටුවර්ට් ද? මේ කාල රාමුව හරියට පැටලෙනවා…” කියලා කියන්නේ. මොකද කිව්වොත් චිත්‍රපටිය බලන කවුරුවත් දන්නෙත් නෑ මේක අතීතෙන් බෙදිලා ගියපු ටයිම් ලයින් එකට සෙට් වෙන කතාවක්ද නැතිනම්, ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන ටයිම් ලයින් එකට අදාල කතාවක්ද කියලා. හැබැයි ඒ ගැටලුව මේ චිත්‍රපටියේදී ලොකු ඊස්ටර් එග් එකකින් නිරාකරණය කරනවා. ඒ වුනත් අපි ගොඩක් දෙනෙක් දන්නවා මේ කතාව අදාල ටයිම් ලයින් එක මොකක්ද කියලා.

ඒ වගේම තමයි DC vs Marvel ගැටුම. වෙන කිසිම කතාවකදී DC සහ Marvel යන ආයතන දෙක එකිනෙකට ඝට්ටනය වෙන්න නොදී වෙන් වෙන්ව ඔවුන්ගේ චරිත පවත්වාගෙන යනවා. ඒ ඒ කොමික් නිසා අපිට සාමාන්‍ය ව්‍යවහාරයට ආපු නම් පවා අනෙක් ආයතන වලින් භාවිතා කරන්නේ හරි පරිස්සමෙන්. මොකද කිව්වොත් අයිතිය පිලිබද හෝ වෙන මොකක්හරි හේතුවක් නිසා මතභේදයන් ඇතිවෙන්න පුළුවන් නිසා. ඒත් ඩෙඩ්පූල් කියන්නේ හැම වෙලාවකම කොමික් පොතකදී හෝ චිත්‍රපටයකදී හෝ 4th wall කියන සංකල්පය නැති චරිතයක්. ඒ කියන්නේ චිත්‍රපටයක චරිතයක් රඟපාද්දී ඒ චරිතයට දැනීමක් නෑ ඔහු හෝ ඇය ඉන්නේ චිත්‍රපටයක් බව. එහෙම නැතිනම් චිත්‍රපටය බලන අතරතුර ප්‍රේක්ශකයාට එය දැනෙන්නට ඉඩ දෙන්නේ නෑ චරිතය චිත්‍රපටයක කොටසක් වග. තවත් පැහැදිලි කලොත්, කතාවක චරිතයක් චිත්‍රපටය තුලදී සිදු කරන දෑ ඒ කතාව තුලදී ප්‍රේක්ශක අපට වගේම චරිතයටත් සැබෑවක්. නමුත් ඩෙඩ්පූල් කියන චරිතයට ලෝකයේ සිදුවෙන අනෙකුත් හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා. ඒ බව ප්‍රේක්ශකයා සමග බෙදාහදා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් චිත්‍රපටයට අදාල හේතු කාරණා අනුව චරිතය ප්‍රතික්‍රියා දැක්වුවත් ඔහු දන්නවා තමුන් ඉන්නේ චිත්‍රපටයක් තුල බව. ඒ නිසා තමයි චිත්‍රපටය අතරතුර ඩෙඩ්පූල් කැමරාව දිහාවට හැරිලා ප්‍රේක්ශකයාට මොනාහරි දෙයක් කියන්නේ. ඉහත කාරණාව නිසාම බොහෝමයක් චිත්‍රපට වලදී සුපිරි වීරයින් පාවිච්චි කරන ප්‍රයෝගයන් පවා සැබෑ ජීවිතේ ප්‍රායෝගික නැති බවත් කෙලින්ම චිත්‍රපටිය තුලින්ම පෙන්වන්නේ ඔහු ඒවා කරන ගමන්මයි. මේ නිසා කතාවේ හාස්‍ය රසය තවත් වැඩි කරලා පෙන්වන්න චරිතයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ඒ චරිත හැසිරෙන ආකාරය පොතේ ගුරා විදියට පහසුවෙන්ම දැක්වීමේ හැකියාවකුත් චරිතයට ලැබෙනවා.

මේ විදියට ගලාගෙන ආපු ඩෙඩ්පූල් කතා මාලාව ඉදිරියේදී තමුන්ගේම කියලා චරිත ටිකක් වර්ධනය කරගන්න පාටක් තමයි මේ කතාව බැලුවොත් පේන්න තියෙන්නේ. මොකද කිව්වොත් කතාව ඇතුලේ වගේම පූර්ව ප්‍රචාරක පටයේ එක් තැනක වෙඩ් විල්සන් කියනවා…

“…අපිට මල ඉලවු කණ්ඩායමක් හදන්න වෙනවා. උන් තදයෝ වෙන්නත් ඕනේ, සදාචාරේ අඩුවෙන්න ඕනේ, අවුරුදු 10ක් 12ක් මේ ෆිල්ම් එක ඇදගෙන යන්න පුළුවන් තරම් වයස අඩු වෙන්නත් ඕනේ.”

පේන විදියට වෙන කවුරු කතාව අතෑරලා දාන්න හැදුවත් නලුවා වැඩේ අතාරින්න කැමති නෑ වගේ. කොහොම වුනත් ඉදිරියේදී අපිට ඩෙඩ්පූල් තවත් චිත්‍රපටයක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හොදයි ඉතිං, දැන් ලිපිය කියෙව්වා ඇතිනේ. අවුරුදු දෙකකට කලින් බලපු චිත්‍රපටියක් ගැන ලිපියක් පිරෙන්න කියවපු එකේ කොහොමද අලුත් එක බැලුවොත්? එහෙනං උපසිරැසිය බාගෙන කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 18ට වැඩි පොඩි ළමයි ඉන්නවනං ගෙදර මිනිස්සු ඉන්න තැනක නැතුව දොර ජනෙල් වහගෙන කතාව බලන තරමට හොදයි. මොකද කිව්වොත් ඩෙඩ්පූල් කියන්නේ පවුලේ කතාවක් වුනත් පටන් ගන්නේ අමු කුණුහරුප වලින් නිසා. 😉

ආයු -බෝ -වේවා !!!

 

 

Due to copyright issues, We do not provide any torrent links.

NEW 720p HD-TC X264-CPG

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා පමණක් ලබා දි ඇත

Download “Deadpool 2 (2018)” Deadpool-2-2018.zip – Downloaded 7024 times – 112 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

136 comments

  1. thada thada sahooo…thankzz.jaya wewaa.balan hitapu film ekak..jaya wewa.digatama sub denna.

  2. thanks for sub

  3. ajithsudusinha

    thank you

  4. Samsan jayantha

    Thank you

  5. ප්‍රණීත් අයියටත් ජය !
    තමන් සබ් එක කරපු ෆිල්ම් ටිකයි ටිවී සිරිස් ටිකයි පෝස්ට් එකට දාන එකනම් ගොඩක් හොඳයි , තව බලන්න හොඳ කතා ටිකක් සෙට් වෙනවා එකකොට ,

  6. roshan_pradeep

    flm akath mekenma ganna puluwanda

  7. Rashmika dumidu

    Thank you

  8. Sandeepmadushan

    Suba pathum

  9. ela machan thanks…..

  10. chandu gimshan gunathilaka

    excellent brother##

  11. ayeshpiumantha

    ඵල සහෝ….best of luck

  12. Congardulations and Thank you for the subs dear..

  13. chanaka_naveen

    උපසිරැසියට ගොඩක් ස්තුතියි 😀

  14. thanks saho sub ekata…
    400 weni upasirasatath suba pathum…
    bluray awama balanawa kiyala hitha gena hitiyath sub eka dunna nisa damma balanawa….
    eth bluray awagaman aye update ekak denna… mokada ekath aye balanawa bro…. 😉

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි
    400 වෙනි උපසිරසට සුභපැතුම්

  16. dp2 download karanna link ekak nane 🙁

  17. madushangamage

    thanx bro

  18. සුබ පැතුම් සහෝදරයා ..ඔයාලගේ මේ ලාබ සත්කාර නොලබා අපි වෙනුවෙන් කරන් සේවාවට නම් අපි සදා ණය ගැතියි.මොකද වෙන රටවල් වල මෙහෙම උපසිරැසි දෙන වෙබ් අඩවි නෑ මං දන්න තරමින්.ස්තුතියි උපසිරැසියට….

  19. Mahesh Rajapaksha

    Thanks….

  20. Sub eka download wen na bro

  21. 400 වෙනි උපසිරසට සුභපැතුම් ප්‍රණීත් සහෝ.!

  22. හසන්ත වික්‍රමරත්ත

    400 වෙනි උපසිරසට සුභපැතුම් ප්‍රණීත්!

    උපසිරැසි කිරීමේදී වෙනස්ම ආරකට දැනෙන්න උපසිරැසි කරන තවත් දක්‍ෂ වගේම රොයිලිට විතරක් දෙවෙනි උන උපසිරැසිකරුවා කිව්වොත් වඩා නිවැරදියි. ඉදිරියේදී තව තවත් නිර්මාණ වලින් මුණ ගැහිලා 500/600 වගේ කඩඉම් වලදීත් මේ නම අපට දකින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා! ජය!!

  23. Migara jeewantha

    Deception s2 aran endooo

  24. 400ට මාගේ හෘදයාංගම සුබපැතුම් මිස්ට මහසෝනා..
    400 පහුකරපු දෙවැනියා උනා එහෙනම්.. ආයේ කියන්න
    වදන් නෑ සුපිරියටම සබ් දෙන පොරක් තමා ඉතින් මේ.. හම්මේ
    THE LAST SHIP,MESSENGERS,Sense 8,Scorpion වගේ කතාවලට
    උඹ දීපු සබ් මාත් බලලා තියේ.. කොලිටිය විතරක් ඈ ඒ දවස්වල තිබ්බ ස්පීඩ්
    එක..ආව සැනින් සබ් දීලා විශේෂයෙන්ම ලාස්ට් ෂිප් එකට.. ඩෙඩ්පුල් පළවැනි
    ෆිලුමට සබ කරලා උඹ ඔප්පු කරලම පෙන්නුවා ඩෙඩාගේ චරිතෙට රයන් රෙනොල්ඩ්
    වගේම ඒකට සිංහල සබ දෙන්නනම් ඔහේ තමා පොර කියන එක.. ආයේ මක්කැයි ඒ තරම්ම
    ආතල් ඕයි සබ. මේ පාරත් ඒ වගේම ඇතිනේ. මේකනම් ඉතින් බලන්නෙ BR ආවම තමා ඈ.. එහෙනම්
    400 ගහපු එකේ ඊළග ටාගට් එක 500ත් ගහමු ඉක්මනට.. උඹට ජයෙන් ජයම වේවා. දිගටම උපසිරසිකරණයේ
    යෙදෙන්න අවශ්‍ය කාලය,ශක්තිය නොමදව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!.

  25. 400ta suba pathum.. sub ekata thanks saho.. jaya wewa!!

  26. 400ට සුභ පැතුම් සහෝ.තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා කියලා මා ප්‍රර්තනා කරනවා.සබ් එකට ස්තුතී

  27. wow niyamai machn… cngratz machn 400 ta..

  28. sanhithanimath

    patta bro

  29. ele ela bro. wel done

  30. krishanthakumara

    w00000

  31. 400 වෙනි උපසිරැසියට සුභ පැතුම් ප්‍රනීත් සහෝ. ඔහොම දිගටම යමු.
    #ජය වේවා

  32. Thank you & All the best for 400th subtitles

  33. Thilina prabhath

    congratulations bro keep it up….
    Thanks for Sub.

  34. 400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ…!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  35. 400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ. ඔහොම දිගටම යමු.

  36. මම උබව මුලින්ම දැන ගත්තේ mentalist එකෙන් .
    ඊට පස්සේ ආව අනිත් ඒවත් බැලුවා.
    සබ්ටයිටල් කිරීම නම් උබ සුපිරිය්ටම කර්නවා.

  37. 2012 (2009) BRrip එකට sub update කරලා දෙන්න.please

  38. Rasitha Pradeep

    400 වැනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් සහෝ…….
    උපසිරැසියටත් බොහොම ස්තූතියි….

  39. නියම වැඩක් සහෝදරයා ,……..ජය වේවා…

  40. 400 sub hadawathinma suba pathanawa saho.hoda copyak awa gaman update dana

  41. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  42. Ostin_Gunathilaka

    400 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  43. Sub eka download wen na bro ..

  44. 400 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  45. 400 වෙනි උපසිරැසියට සුබ පතනවා… ජය වේවා… මහන්සි වෙලා සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ….

  46. Tharindu_Vidusha

    400වැනි උපසිරසියට සුභ පැතූම්…!!! ⁣Blu Ray Copy එනකම් ඉමු…..තවත් ඉදිරියට සබ් දෙමු……ජය වෙිවා….!!!

  47. ප්‍රනීත් ඔයාලාගෙ කාලය කැපකරලා මේ කරන දේ අපිට ගොඩාක් වටිනවා… ඔයාලට ගොඩාක් පිං සහො….

  48. 400 sub dala therenne nathi ayata film eka sinhalen therenna hadala dila apita karapu udawwata tnx bro

  49. ලහිරු ප්‍රසාද්

    හදවතින්ම සුබ පතනවා ප්‍රණීත් සහෝ 400 වෙනි කඩයිම වෙනුවෙන්.
    දෙවනියට මේ කඩයිමට ලගාවුනා කෙනා නේ.
    පහල කමෙන්ට් බැලුවාම මට තේරුනේ ඔයාව වැඩිය කට්ටිය දන්නෙ නෑ කියලා. ඒත් ටිවි සීරීස් බලන ඈයො නම් PCR ව නොදැන ඉන්න හැටියක් නෑ. මොකද ලාස්ට්ශිප්, මෙන්ටලිස්ට්, ඒජන්ට් ඔෆ් ශීල්ඩ් වගේ කතා නිසා. ඉතිං මං සයිට් එකේ වැඩි පුරම ආස කරන උපසිරැසිකරුවෙක් කිව්වොත් නිවැරදියි. වෙන මොකුත් නිසා නෙවෙයි හරි අපූරුවට පාවිච්චි කරන වචන නිසා.
    ඩෙඩ්පූල් පලවෙනි එකත් තුන් හතර පාරක් බැලුවා උබේ සබ එක්ක. Ryan Reynolds ඩෙඩ්පූල් වෙනුවෙන්ම මවලා තියෙනවා වගේ තමයි ඩෙඩ්පූල් එකට සිංහල උපසිරැසි කරන්න උබට සෙට් වෙලා තියෙන්නෙ. අනිවා BR කොපියක් ආව ගමන් බලනවා.
    450 ත් ඉක්මනට අරගෙන එන්න කාල ඒලාව ලැබෙන්න ඕන.
    ~ජය~.

  50. praneeth excellent work bro thanks a lot

  51. Congratulations bro….

  52. 400 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ.
    උපසිරසියටත් බොහොම ස්තූතියි.

  53. Patta bro……….PCR adunagaththe Mentalist haraha. series ekama beluwa. a uba nisai bro……………thanks………. elama kiri……..Congratz………api wenuwen thamange kalaya weya karanawata thanks,,,,,,,,,,,,, Jayen jaya….

  54. hd – tc kiyanne mokak da bn

  55. LuckyDhananjaya

    බයිස්කෝප් පවුලේ වැඩියෙන්ම ප්‍රිය කරන උපසිරසි කරුවා කිව්වොත් නිවැරදියි…
    ඒකට හේතුව The Mentalist….Patric Jane වගේම අමතක නොවන චරිතයක් තමා PCR …. 400 ට සුබ පැතුම්…500,600 ඉක්මනටම දකින්න ලැබේවි කියල හිතනවා…

  56. …::: :::…
    උපසිරසියටත් බොහොම ස්තූතියි.

  57. Thadamaaa

  58. උණුසුම් සුබ පැතුම් එක්ක පිළිගන්නවා 400 හවුලට. දැන්ම නම් බලන්න අදහසක් නෑ. තව ටිකක් ඉවසලා ඉන්නම්. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

  59. dilanchamantha1

    webrip,bluray,dvdrip,hdrip තව ගොඩක් වර්ග තියෙනවනෙ… මේවගෙ වෙනස මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරනවද?…thzz

    • ලහිරු ප්‍රසාද්

      netflix, roku, hulu, amazon fire tv සහ තවත් බොහෝ එවැනි ආයතන වලින් දිනපතා නව චිත්‍රපට, ටෙලි කතාමාලාවල කොටස් විකාශය කරනවා. මේ හැම tv chennel එකකම තියෙන විශේෂත්වය තමා අපි නිකං ගෙදර tv බලනවා වගේ ඒවා බලන්න බෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවා ඕන ඒවා වැඩ කරන්න නම්, අන්න ඒක හිංදා තමා ඒවා පොදුවේ ඒවාට online streaming services කියලා කියන්නේ, ඒ වගේම නීත්‍යානුකූලව නරබද්දී මසකට මුදලක් වැය කරන්නත් ඕන. සමහර ඒවා free එකෙත් දෙනවා. ඉතිං ඔය සේවා ලබාගන්න සල්ලි තියෙන බුවාලා ඕවා ඔහොම බලන ගමන් සුපිරි tech එක භාවිතා කරලා capture කරනවා. (උන්ගේ යටි අරමුණු ඇති මං ඒවා දන් නෑ) එහෙම capture කරලා ගන්න මුල් පිටපත ඒ කිව්වේ “source” file එක එයාලා ටොරෙන්ට් අඩවිවලට මුදා හරිනවා. ඒ මුල් source file එක තරමක් ලොකුයි. ඉතිං ඒකටත් විසදුමක් තියෙනවා. ඔයාලා අනිවා encode වරු ගැන අහලා ඇතිනේ, දන් නැත්නම් දැනගන්න “ශානිග්” කියන්නේ එහෙම බුවෙක්. ඉතිං ඒ වගේ බුවාලා හෙනට ඉන්නවා. ඒ අය කරන්නේ, අර ලොකු source file එක අරගෙන video/ audio කොලිටි එක බැලන්ස් කරලා අඩු file size එකක් එන විදිහට ඒක encode කරනවා. පස්සේ ලැබෙන අන්න ඒ file එක තමා ඔය web rip කියලා එකී නොකී nick name එක්ක torrent sites වලට එන්නේ, brrip හැදෙන්නෙත් එහෙම තමා. වෙනස කියන්නේ එකේ දී capture කිරිලි නෑ. මුළින් කඩෙන් disk එක අරං, ඒක crack කරලා තනි .mkv file එකකට හදනවා. මුළිකව bluray source වර්ග 2ක් තියෙනවා. හොඳම එක තමා remux source එක. ඒක 15gb -45gb වගේ වෙන්න පුළුවන්. 1080p විතරයි එන්නේ. අනික තමා SPARKS, GEKOS වගේ කට්ටියගේ source එක. 720p /1080p දෙකම තියෙනවා. remux තරම් ගුණාත්මක නොවුවත්, අපි බලන yify, ශානිග් කොපිවලට වඩා x10 විතර හොඳයි. ගොඩක් encodeවරු ඔය sparks ලගේ source එක අරං කලින් කිව්වා වගේම rip එක හදනවා. ඒක තමා brrip එක. අන්න එහෙම හදපු brrip තමා අපි ගොඩක් වෙලාවට බලන්නේ, මට හොඳටම විශ්වාසයි ලංකාවේ film බලන උන්ගෙන් 10% ක් වත් source file එක බාලා film බලන් නෑ කියලා.

      ඔබතුමා ඇහුවේ, webrip 720p සහ brrip 720p අතර වෙනසනේ, brrip එකේ හැම අතින්ම webrip එකකට වඩා උසස් video/audio quality එක පැහැදිලි බව, දිය සලකුණු නොමැති වීම වගේ ගොඩක් වාසී brrip එකේ තියේ. හැබැයි web rip එක නරකයි කියනවා නෙමේ මේ. webrip ගොඩක්ම සුපිරි hdrip hdts වලට එහෙම වඩා.

      (Web-බුවා සහෝගෙ කමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි.)

      සරලවම මෙච්චරයි @dilanchamantha1 සහෝ, hdrip එකට වඩා webrip එකේ කොලිටිය වැඩියි, webrip එකට වඩා bluray කොපියෙ ගුණාත්මක භාවය ඉහලයි. ඉතිං හොද රූප රාමු වගේම ඕඩියෝ එක්ක බලන්න ඕන නම් bluray කොපිය තමා ගැලපෙන්නෙ.

      තව තියෙනවා CAM, TS. TC, DVDscr, DVDRip, වගේ විවිධ රිප් වර්ග.

      CAM කොපි සාමාන්‍යය digital video camera පාවිච්චි කරලා හෝල් වල යද්දි කැප්චර් කරගන්න කොපි තමයි කැම් කොපි කියන්නෙ. ගුණාත්මක බව සෑහෙන පහල මට්ටමක තියෙන්නෙ.

      TS කොපිත් ගොඩක් දුරට කැම් කොපියට සමානයි, හැබැයි මේකෙදි external audio source එකක් පාවිච්චි කරනවා, ඒ වුනත් ඕඩියෝ කොලිටි එක ගොඩක් හොදයි කියන්න බෑ.

      TC (A telecine machine copies) ඕඩියෝ සහා විඩීයෝ කොලිටි එක කලින් කොපි දෙකටම වඩා ඉහල මට්ටමක තියෙනවා. මේ ෆිල්ම් එකේ සබ් එක දීලා තියෙනෙත් මේ කියන වර්ගයට.

      DVDRip එක තමයි අන්තිමට රිලීස් වෙන කොපිය හැම අතින්ම ගුණාත්මක බව ඉහලයි. BR කොපිය හදන්නෙ මේ රිප් එක පාවිච්චි කරලා. හින්දි වගේ ෆිල්ම් වල නම් DVDRip එකක් නිකුත් වෙනවා. හැබැයි ඉංග්‍රීසි චිත්‍රපට වලට නම් මට එහෙමට මීටර් නෑ DVDRip වැඩිය නිකුත් වෙනවා.

      සරලව මෙච්චරයි හොදට ෆිල්ම් බලන්න ඕන නම් BR කොපියක් එනකල් ඉන්න, ටික කාලයක් යනවා හොද කොපියක් නිකුත් වෙන්න හැබැයි.

      • Kasun Malinga077

        හොද පැහැදිලි කිරීමක්.

        Film එකක් download කරන්න හොදම torrent site එක මොකක්ද ?
        මම 1377x කියන එකෙන් ඉස්සර ගත්තා දැන් ඒක වැඩ කරන්නේ නෑ.

        • ලහිරු ප්‍රසාද්

          ටොරන්ට් වලට වඩා ඩිරෙක්ට් ගන්න එක ලේසියි. බයිස්කෝප් සිංහලෙන් අඩවියෙ දෙන හැම උපසිරැසියකටම අදාල වීඩියො පිටපත baiscopedownloads.com සයිට් එකේ තියෙනවා.

          තවත් ඕන නම් PSArips.com සහා rmz.cr කියන සයිට් දෙකෙන් ගන්න පුළුවන්.

  60. නියමයි ප්‍රණිත් සහෝ, 400ට සුබපැතුම්! පොස්ට් එක නියමෙටම ලියල, මේක කියෙව්වට පස්සේ HD කොපිය බාගෙන දැන්මම බලන්න හිතෙනවා ඕන කෙහෙල්මලක් කියල 😀 bluray එනවා කියන්නෙ අගෝස්තු, එතකං කොහොම ඉන්නද අප්පා..

  61. උණුසුම් සුභ පැතූමි සහෝ!!!

  62. සනිඳු ලක්ඛිත

    හදවතින්ම සුභ පැතුම් අයියේ..කියන්න වචන නෑ ඉතිං. බයිස්කෝප් දෙවෙනි බල කණුව. වැඩිය ෆිල්ම් වලින් ඔලුව දාන්නේ නැති නිසා ගොඩක් අය දන්නේ නෑ හරියට කවුද කියලා. හැබැයි මෙන්ටලිස්ට්,ලාස්ට් ශිප් බලපු සෙට් එක දන්නවා පට්ටම චරිතයක් වග. ඒ වගේම අයියගෙ සබ් වල දැක්ක හොදම දේ තමා අමුතු අමුත් වචන කොච්චර තිබ්බත් ඒවාගේ තේරුමත් දාන එක. අනික සබ් දෙන ටයිම් එක. දැන් ඇක්ටිව් නැත්තත් ඉස්සෙල්ලාම සබ් මැශිම උනේ මෙයා තමා. ඉතිං තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයේ ඉතිං ලාස්ට් ශිප් වලින් තමා දකින්න වෙන්නෙත්..බුදුසරණයි..ජය වේවා..BR ආව ගමන් මේකත් බලමු!!!

  63. Thanks bro.. keep it up ..

  64. උණුසුම් සුභ පැතූමි සහෝ 400 ට…හදිසියට හරි මේ උපසිරැසි එකත් වටිනවා…ජය වෙිවා මල්ලියේ….web හරි bluray හරි ආවොත් update කරන්න සහෝ…දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

  65. හදවතින්ම සුභ පැතුම් 400 වැනි කඩයිමට..
    ජයෙන් ජය..!!!
    මීලග උපසිරසියෙන් හමුවෙමු

  66. කෞශල්‍ය දුෂ්‍යාන්

    ප්‍රණීත් ලොක්කා…..400 අෑ…හම්මෝ නේ…..මේ බලල මේ බලද්දි 400යි.පට්ට පට්ට.මං දැනං හිටියා ඔබතුමා තමා මේක ගේන්නේ කියලා.මොකද මේ යකා කියන එ්වට අපිට නියම රසේ දුන්නා ඔයා ගිය පාර.එහෙනං මෙන්න බෑවා.මේකේ br එනකං ඉන්න බෑ දෙයියෝ.එ් තරං අාතල්.දැං බානවා…සබට බෝම තුති.ඉක්මනට 450ත් ගහමු.මතක් කරලා Last Ship පටං ගත්තම සබ දාමු අෑ.එහෙනං ගියා.සදා ජය.

  67. sub 400 karana eka lesi wedak nevi..godaak sthuthie..jaya wewa!!

  68. Fattama bro, good luck!!!!!

  69. 400 වැනි උපසිරසියට සුබපැතුම් Elama

  70. bohoma sthuthi saho , awagema suba pethum 4oota , oyage kalaya weyakaramin me karana sewawata godak pin saho, 1000th gahamu gemak nathuwama…

  71. welldone….Hat off Respect Bro…Congratulation for your 400th Subtitle, And thank you so much for your time and everything that you sacrifice for entertain us. Keep it up and wish you all the best.

  72. Sasitha Asaranga

    congratulations bro and keep it up.

  73. Sandun Lakshan

    අඩෝ එල බන්,

  74. thank you brother

  75. elakiri bro ohoma yan

  76. Dewappriya bandara

    එලම බං.. congratulations…

  77. nethna dilmina

    elama bro

  78. ඉසුරු සම්පත් සිරිසේන

    400* වැනි උපසිරසියට සුබපැතුම් ප්‍රණීත් සහෝ..!!
    ~~ඔබට ජය~~

  79. Thanks. waited for this …. but I don’t like cam releases …. can wait for quality copy … btw thanks again buddy.

  80. Bandaramudiyansi

    අපි හිතුවෙ ,ඔය සමිර කරුනාරත්න මල්ලිලා , ශාන් විමුක්ති මල්ලිලා … එගොල්ලො වැඩි සබ් කරල තියෙන්නේ කියල ………… මෙන්න සබ් 400ක්ක්.. රොයිලි ප්‍රනාන්දු සහෝ වගේ 400k දැක්ක දෙවැනි කෙනා… congratulations මල්ලි…. දිගටම සබ් කරන්න ❤ මෙක ගන්න හිතම් ඉන්න ෆිල්ම් එකක් මේ වසරෙ ..බ්ලුරේ පිටපතක් එනකල් ඉන්න ඔනේ

  81. මාර කොල්ලේක් ආ…………….එල බොක්ක.
    Keep it up bro

  82. Vihanga sathsara

    400ta suba pathum aiye…. oyage sub… Deception , under the doom , sense8 arenna okkoma balala ne……

    patta… sub gana kiyanna deyak na… uparimen karana kenek adambarai… jaya..

  83. සිංහල උපසිරැසියට ස්තූතියි
    ඒවගේම 400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හැකි ඉක්මනට හමු වෙමු
    ජය

  84. yalu oyalage me karana sewaya godak hodai ath mage nam mataya hoda copy akakata sub dana aka oyalatat karadarayak na neda monawa unath oyata suba patum saho budusaranai

  85. දිගටම සබ් දෙන්න මල්ලි, නවත්තන්නෙපා.
    මල්ලිට සුබ අනාගතයක් පතන මම අක්කා.
    බුදු සරණයි!

  86. Praneeth priyadarshana

    Congrtz keep it up bro

  87. 400 weni sub ekata suba pathum broooooo

  88. Thnx සහෝ….. සුබ පතනවා 400 ට…. දිගටම සබ් දෙමු….. ඔයාල ලොකු කැප කිරීමක් කරන්නේ…. Good Luck …
    අහ්හ්… පුලුවන්නම් The Good Doctor එකේ සබ් කරන්න බලනවද? සුපිරි TV srs ekk කියල හිතෙනෝ…

  89. congratulations bro…

  90. සුබ පැතුම් සහෝ 400වෙනි සබ් එකට

  91. suba pathum aiya 400ta. asawebalan hitiya filumak thama. THANKS…

  92. suba patum sahodaraya 400 weni sub 1kta

  93. 400 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ.
    උපසිරසියටත් බොහොම ස්තූතියි.

  94. 400ට සුබපැතුම් ප්‍රණීත් අයියේ…
    ජය වේවා… ❗

  95. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    400කුත් ගහලා…
    400 වෙනි උපසිරැසියට සුබ පැතුම්!
    500ත් ගහමු…සුපිරිම සබ් හදන කෙනෙක්…
    Deadpool නම් හොද කොපියක් එනකම් ඉන්නව…

  96. HD TC kiwwata thiyenne HD TS copy…

  97. කැලුම් ගුණසේකර

    400ට උණුසුම් සුබපැතුම් සහෝ. හොද කොපියක් ආවම බලනවා. බොහොම ස්තූතියි උපසිරැසියට.

  98. Plz update web dl or br when it comes

  99. Congratz & May God Bless You For Future Wrks
    ❤️❤️

  100. mulinma 400 bsuba pathanwa bro!!!! mentalist walin thamai oyage sub balanna patan gatthe supirima kathawak wagema sub 1 hodatama thibuna. ithin tv serious ekakata ප්‍රණිත් රණසිංහ” sub hambuwenawa kiyanne eka supirima tv serious ekaka kiyala amuthuwen kiyanna oni ne. Jaya wewa bro. 500 ikmanta gahamu

  101. sub ekata thanks…e unata BR enakal iwsn innawa

  102. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජයවේවා
    web/Br ආවම බලනව

  103. Sasankathulshanaberathna

    400වෙනි සබ් එකට සුබපැතුම් ප්‍රණිත් සහොදරයා ✌️

  104. praveen ranasinghe

    බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.400 වෙනුවෙන් හදවතින්ම සුභ පතනව.BR එකක් ආවට පස්සේ නිදහස් වෙලාවක ෆිලුම බලන්na ඕනේ.එතකොට ආපහු කමෙන්ට් තීරුවට ගොඩවෙලා යන්නම්.ආපහු සැරයක් සුභ පතනවා 400 කඩයිම වෙනුවෙන් සහ පෞද්ගලික ජීවිතේ අනෙකුත් දේවල් වෙනුවෙනුත්!! මේ අවසානය නෙවෙයිනේ,ඉස්සරහටත් තවත් ලස්සන හොඳ ෆිලුම්වල උපසිරැසි වලින් හමුවෙමු,ජයවේවා

  105. එල එල ජය ජය වේ

  106. 400 උප සිරැසට ජය වේවා.. 500 කඩයිමත් ඉක්මනට ලගා වෙන්න කියල සුබපතනවා

  107. thnx bro.. e wagema 400 weni ekta suba pathum brther

  108. Sudheera Kasun

    නියමයි සහෝ.. BR එනකන් ඉන්නව ඒත්.. Deadpool 1 එකේ වගේ සුපිරියටම sub ඇති කියලා හිතනවා…
    එලස්…
    පින්

  109. 400 වෙනි උපසිරැසියට සුභපැතුම් ප්‍රණීයෝ…
    තවත් සුපිරිම උපසිරැසිකරුවෙක් විදිහට තමයි උඹව දකින්නේ. Under the Dome සීරීස් එකයි ෆිල්ම් ටිකයි තමයි උඹේ ඒවගෙන් නම් බලලා තියෙන්නේ. සබ් ගැන ඉතින් කියන්න දෙයක් නෑ. ඕනම ඉංග්‍රීසි වචනයකට නියමෙටම ගැළපෙන සිංහල වචන දාන්න පුලුවන් කෙනෙක් තමයි ඉතින්. 😛 මේක ඉතින් හොඳ කොපියකින් තමා බලන්නේ. දිගටම සබ් දෙමු ආ… ඔබට ජය!

  110. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  111. 400 වෙනි සබට උණුසුම් සුබපැතුම්
    බොහොම ස්තුතියි
    keep going

  112. Charith Eranga Munasinghe

    400ta subapethum,
    kohoma unath BR eka enakan balanne na.
    thanks sub ekata(400tama)

  113. TMKavindulakmal

    400 SUB EKATA SUBA PATHUM DIGATAMA KARAN YAMU ……

  114. 400ta unusum suba pathum..
    Thank you..

  115. 400ta unusum suba pathum..

  116. 400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  117. බොහොම ස්තුතියි එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් සුපිරි කියන්න වචන උපරිමයි . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .

  118. 400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!! ස්තූතියි සහෝ…………………………………

  119. Kawi Jayasinghe

    Suba pethum sahoo . Sub machine eka… fb ekan msg dala karadara kala sub illala Kasun Widusha mataka athi samaharavita sathutui sahoo digtama sub diyan…… karana weda katauthu saarathaka wenda wish kranawa jaya wewaaa,,,,, Bs

  120. Baiscope you are amazing!!!!
    Congratulation for 400!
    Good luck bro!
    ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න baiscope හැමෝටම සුබපැතුම්!

  121. තැන්ක්ස් වේවා !!!