Friday , December 14 2018
Breaking News
Home / All / The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 16] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 16] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...


ඔන්න ඉතිං අද අවසාන කොටස තමයි මං අරගෙන ආවෙ. ආරක්ෂක දෙවි ජූ ඩොන්ග් ආපහු හබෙක් හොයාගෙන එනවා. ජූ ඩොන්ග් ගිහින් තියෙන්නෙ එයා අතින් නැතිවුන මෙහෙකාර සළකුණ හොයන්න. ඒත් ජූ ඩොන්ග්ට ඒක හම්බවෙලා නෑ. දේව මෙහෙකාරයෙකුට ඒ මෙහෙකාර සළකුණ භාවිතා කරලා තමන්ගෙ අවංක ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න පුළුවන්.

හබෙක්ට ආපහු යන්න දින 6යි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒ නිසා යූන් සු ආ හබෙක් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරනවා. හබෙක් මනුස්ස ලෝකෙ ඉන්න ටික කාලෙදි හබෙක් එක්ක කරන්න ඕනෙ දේවල් පවා යූන් සු ආ ප්ලෑන් කරනවා. හබෙක් යූන් සු ආට කියනවා තවදුරටත් එයාගෙ තාත්තට වෛරය කරන්නෙ නැතුව තාත්තව හොයාගන්න කියලා.

හබෙක් දේව අධිරාජ්‍යයෙන් එද්දි එයාට දෙන එකම බලය වෙන්නෙ ආපහු දේව අධිරාජ්‍යයට යන්න දේව ද්වාරයෙන් යන්න ඕනෙ වෙන බලය විතරයි. ඔයාලා දැනටමත් දන්නවනෙ දෙවිවරු ආශිර්වාද ලබාදෙන්නෙ සිපගැනීමකින් කියලා. හබෙක්ගෙ ඉතිරි වෙලා තියෙන ඒ එකම බලයත් හබෙක් ආශිර්වාදයක් විදියට යූන් සු ආට ලබාදෙනවා. දැන් හබෙක් ආපහු දේව අධිරාජ්‍යයට යන්නෙ කොහොමද? හබෙක් දේව අධිරාජ්‍යයට ගිහින් රජ වුනේ නැත්නම් හබෙක්ගෙ පැවැත්ම නැතිවෙනවා. මේ ගැටළුව විසඳන්නෙ කොහොමද? ඉතිං මේ කතාව ඉතාමත්ම ආදරණීය විදිහට තමයි අවසන් වෙන්නෙ.

මං මේ කතා මාලාවට උපසිරැසි කලේ ගොඩක් ආසාවෙන්. මොකද මේක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ලස්සන කතාවක් නිසා. ඉතිං මේ කතා මාලාවත් සමග රැඳී සිටි ඔබ සියළුම දෙනාට ස්තූති කරනවා. විශේෂ ස්තූතිය යන්න ඕනෙ මගෙ මල්ලිට. එයා තමයි මාව උපසිරැසිකරණයට යොමු කලේ. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියේ සියළුම සහෝදර කාර්ය මණ්ඩලයටත්, උපසිරැසි වල අඩු පාඩු බලලා දුන්න සදීශාටත් මං ස්තූති කරන්න ඕනෙ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Download “The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-16” The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-16.zip – Downloaded 0 times – 35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Leave a Reply