Monday , December 17 2018
Breaking News
Home / All / The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 27 votes.
Please wait...

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන අඩිතාලමට. හම්මේ ඉතින් මෙච්චර ෆිල්ම් ගොඩක්?! ඔව් ඉතින් 2007 දී පටන් ගත්ත වැඩනෙ මේ අද දක්වා ඇවිත් තියෙන්නේ. ඉතින් කෝකටත් කියලා අපි DC Universe Animated Original Movies කැටගරිය මතක් කරන් ඉම්මු. 

  1. Superman: Doomsday
  2. Justice League: The New Frontier
  3. Batman: Gotham Knight
  4. Wonder Woman
  5. Green Lantern: First Flight
  6. Superman/Batman: Public Enemies
  7. Justice League: Crisis on Two Earths
  8. Batman: Under the Red Hood
  9. Superman/Batman: Apocalypse
  10. All-Star Superman
  11. Green Lantern: Emerald Knights
  12. Batman: Year One
  13. Justice League: Doom
  14. Superman vs. The Elite
  15. Batman: The Dark Knight Returns
  16. Superman: Unbound
  17. Justice League: The Flashpoint Paradox
  18. Justice League: War
  19. Son of Batman
  20. Batman: Assault on Arkham
  21. Justice League: Throne of Atlantis
  22. Batman vs. Robin
  23. Justice League: Gods and Monsters
  24. Batman: Bad Blood
  25. Justice League vs. Teen Titans
  26. Batman: The Killing Joke
  27. Justice League Dark
  28. Teen Titans: The Judas Contract
  29. Batman and Harley Quinn
  30. Batman: Gotham by Gaslight
  31. Suicide Squad: Hell to Pay
  32. The Death of Superman & Reign of the Supermen

චිත්‍රපටයට පෙර නිර්මාණය වූ කොමික් පොත් ක්ෂේත්‍රය

“The Death of Superman” කියන්නේ ක්‍රොස්ඕවර්  විදිහට සුපර්මෑන්වත් සම්බන්ධ කරගෙන නිර්මාණය වුනු සංස්කාරක හැටියට Mike Carlin නම් කොමික් පොත් රචකයා ඇතුළුව සුපර්මෑන් චිත්‍රකතා ලියන්න දායක වන අංශයම ඒ කිව්වේ Dan Jurgens, Roger Stern, Louise Simonson, Jerry Ordway වගේම Karl Kesel අයගෙන් සමන්විත කොමික් පොත් රචකයින් විසින් 1992 දෙසැම්බර් මාසයේදී පටන් ගත්තම 1993 ඔක්තෝබර් මාසය වෙනකන්ම මුද්‍රණයට ලක් කරපු කොමික් පොතක්. මේ පොතට අලුත් අදහස් එකතු කරගන්න ඕන නිසා “Lois & Clark: The New Adventures of Superman” කියන කතාමාලාවෙ රචක මණ්ඩලයට පවා වෝනර් බ්‍රදර්ස්ලා ඉල්ලීමක් කරලා කියලා තිබුනා ඒ කතාමාලාවේ වැඩ තාවකාලිකව නතර කරලා කොමික් පොතේ වැඩේට දායක වෙන්න කියලා. මේ කොමික් පොත නොයෙක් ආකෘති වලින් වගේම විවිධ සංස්කරණ විදිහට නිකුත් වීමක් පවා මුල් මුද්‍රණයෙන් පස්සේ සිද්දවුණා. 

විශේෂයෙන්ම කියන්න ඕනා “The Death of Superman” කොටස් තුනකට බෙදිලා ගියා.

  • පළමු කොටස – Doomsday (සුපර්මෑන් කොහොමද තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ඩූූම්ස්ඩේ එක්ක සටන් කල ආකාරය)
  • දෙවැනි කොටස –  “Funeral for a Friend” (සුපර්මෑන්ගේ නොමැතිකම නිසා මුළු ලෝකයම ඔහු ගැන දුක් වෙන අයුරු වගේම ජොනතන් කෙන්ට් නොහොත් ක්ලාක් කෙන්ට්ව හදාවඩාගත් පියාගේ හෘදආබාධය ගැන)
  • තෙවැනි කොටස –  “Reign of the Supermen!” (තමන් සුපර්මෑන් යැයි පවසා සුපර්මෑන්ගේ අඩුව පුරවන්න ඉදිරිපත් වෙන අය වගේම සැබෑ සුපර්මෑන්ගේ නැවත ආගමනය)

මේ “The Death of Superman” චිත්‍රකතා පොත නිකුත් කරලා මිලියන හයකට වඩා අධික පිටපත් ගණනාවක්ම විකිණීමට සමත්වෙලා තියෙනවා වගේම විශේෂයෙන්ම කියන්න ඕන 1992 කාලෙය්දී හොදම කොමික් පොත් අලවියෙක් තිබුණු මුද්‍රණයක් හැටියටත් පත්වෙලා තියෙනවා. මේ මුද්‍රණයේ රසය හදුනාගත්ත ඇතැම් විචාරකයෝ මේ කතාව ඇතුලේ තියෙන බලසම්පන්න බව වගේම මේකේ මදි පුංචිකම් පවා දැකලා පසු කාලීනව නවකතා රචකයින් දෙදෙනක් වෙනස් ආකාරයේ ආකෘතින් වලට අනුව කතාව නැවත ලියලා තියෙනවා. ඒවගේම මේකෙන් වීඩියෝ ගේම් එකකුත් නිර්මාණය වෙලා තියෙනවා. තව කොමික් අනුසාරයෙන් 2007 දි Superman: Doomsday කියන ඇනිමේෂන් චිත්‍රපටයද නිකුත් වීමක් සිද්දවෙනවා. ඒ විදිහට දෙවැනි අනුසාරයෙන් නිකුත්වෙන දෙවැනි චිත්‍රපටය තමයි මේ The Death of Superman (2018) විදිහට නිකුත් වෙන්නේ.

චිත්‍රපටයේ පසුබිම

වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීීසි එනට්ර්ටෙයින්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් හැටියට තමයි “The Death of Superman (2018)” සලකන්න පුලුවන්. සුපුරුදු පරිදි ඩූූම්ස්ඩේ නම් අති විශාල දැවන්ත වගේම හුගාක් ශක්තිමත් කෙනාව Superman: Doomsday (2007), BvS (2016) චිත්‍රපට වලින් දැක්කා වගේම මේකෙනුත් දැකගන්න ලැබේවි වෙනස්ම විදිහකට නමුත් DCEU හි චිත්‍රපට කිහිපයක් සමානව ගලාගෙන ගිය ආකාරයට. මේ චිත්‍රපටයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වනුයේ Scooby-Doo! & Batman: The Brave and the Bold (2018) චිත්‍රපටය එහෙම තනිවම අධ්‍යක්ෂණය කල Jake Castorena නම් අධ්‍යක්ෂකවරයායි. එහෙමයි කියලා ඒක විතරක් නෙවෙයි Batman: The Killing Joke (2016), Justice League Action (2016-2018) ටෙලිකතාමාලාව වගේම Young Justice (2012) කතාමාලාව පවා නිර්මාණයට දායක වෙලත් තියෙනවා. අනික් අධ්‍යක්ෂකවරයා ගැන කියනවනම්, මං නිතරම වගේ ලිපි වලදී මතක් කරන, ලොකු සේවයක් ඉටු කරන The Batman vs. Dracula (2005), Superman/Batman: Public Enemies (2009), Justice League: Crisis on Two Earths (2010), Batman: Year One (2011), All-Star Superman (2011), Justice League: Gods and Monsters (2015), Justice League vs. Teen Titans (2016), Batman: The Killing Joke (2016), Teen Titans: The Judas Contract (2017) වගේම Batman and Harley Quinn (2017) වගේ DC ඇනිමේෂන් විශ්වයේ සුපිරිම චිත්‍රපට 10 ක්ම අධ්‍යක්ෂණය කරපු වගේම මාවල් විශ්වයේ Hulk Vs (2009), Planet Hulk (2010) වගේම Thor: Tales of Asgard (2011) වගේ තවත් මාවලස් ඇනිමේෂන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරපු චීන-ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂණය කල, දෘෂ්‍යකරණ කලාකරුවෙක් වගේම චරිත නිර්මාතෘ කෙනෙක් හැටියට Marvel Entertainment හා Warner Bros. Animation තුලත් දැනට සේවය කරන “Sam Liu” තමයි මේ ඇනිමේෂන් චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.

ඒවගේම තමයි නිෂ්පාදිත කටයුතු ගැන කතා කරද්දී Batman Beyond වගේ කතමාලාවන් නිර්මාණය වන්නට දායක වුණු James Tucker තමයි නිෂ්පාදිත කටයුතු සිදු කරලා තියෙන්නේ. එතකොට තිරපිටපත්වල කටයුතු ගැන කතා කරනවානම් ඇමරිකානු කොමික් පොත් රචකයෙක් වගේම තමන්ගේ කාර්යයභාර්ය DC Comics වෙනුවෙන් ලොකු මෙහෙවරක් තවමත් සිදු කරන Peter Tomasi නම් කොමික් පොත් රචකයා තමයි ඒ වැඩ කටයුතු සිදු කරලා තියෙන්නේ. චිත්‍රපටය තුල සුපර්මෑන්, ලොයිස් ලේන්, ලෙක්ස් ලූතර්, වොන්ඩර් වූමන්, ග්‍රීන් ලැන්ටර්න්, ෆ්ලෑෂ්, ඇක්වාමෑන්, සයිබෝර්ග්, මාෂන් මෑන් හන්ටර්, බැට්මෑන් එහෙමත් දකින්න ලැබෙනවා. මීට අමතරව ඉතින් සෙසු චරිත ගණනාවකුත් චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය ගැන කතා කරනවානම් පැයකුත් විනාඩි විස්සකටයි සීමා වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටය නිකුත් වුනාම නෙවෙයි මොකද මේක අන්තර්ජාලයට ලීක් වුණු චිත්‍රපටයක්. හරි ආකරවම බෙදාහැරිම සිදුවෙන්න තියෙන්නේ 2018 ජූලි 28 වැනිදාට. එදිනට HD පිටපත්ද, 2018 අගෝස්තු 07 වැනිදාට බ්ලුරේ පිටපත්ද නිකුත් වෙන්නයි නියමිතව තිබුණේ. නමුත් පෙර ලීක් වීමත් එක්ක 2018 ජූනි 18 වැනිදා පිටපත් නිකුත් වුනත් දවස් දෙකකට කලින් වෙනකන්ම කිසිදු උපසිරැසියක් නිකුත් වුනේම නැහැ. ඒ නිසාමයි මේ චිත්‍රපටය ලබා දෙන්න මෙච්චර කාලයක් ගත වුණෙත්.

චිත්‍රපටය නරඹන ඔයාලා හැම කෙනෙක්ම මතක ඇතිව අවසන් ජවනිකා තුනම බලන්න අමතක කරන්න එපා. මොකද කවදාවත් නැතුව මෙදාපාර වැඩි කොටස් තුනක්ම දකින්න ලැබේවි. ඒ නිසා ෆිල්ම් එක ඉවරයි කියලා වහලා දාන්න යන්න එපා. අවසන් සුභ ආරංචිය තමයි මේ චිත්‍රපටයේ දෙවැනි කොටස 2019 මුල් කාලයේදී නිකුත් වීමට නියමිත බව මේ වෙද්දීත් දැනුම් දීලා හමාරයි. ඒ චිත්‍රපටයෙන් සුපර්මෑන්,  සුපර්බෝයි, ස්ටීල්,  ඒරැඩිකේටර් වගේම සයිබෝර්ග් සුපර්මෑන්වත් දකින්න ලැබෙවී කියලා විශ්වාසෙ තියාගන්න පුලුවන්.

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නිකුත් වුන මේ සුපිරි චිත්‍රපටයත් බලලම ඉන්නකෝ එහෙනම්. මං ගිහින් එන්නෙම්. ජය!! 

ලිපිය – චාමර සම්පත් 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD පිටපත් සඳහා ගැලපේ.

Download “The-Death-of-Superman-2018.zip” The-Death-of-Superman-2018.zip – Downloaded 856 times – 38 KB

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

29 comments

  1. AsithaDilruwan

    ela saho thanks

  2. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.ජයවේවා……….

  3. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි උපසිරැසියට… ජය වේවා…

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  5. Batman Ninja අමතක වෙලා නේද…?

    සබ් එකට ස්තුතියි…

  6. Batman Ninja අමතකවෙලා නේද…?

  7. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  8. බොහොම ස්තුති

  9. LuckyDhananjaya

    sub download karnna ba…page not found kiyl enwa.why?

  10. ස්තුති හසන්ත සහො ….

  11. Thank you………!

  12. thanks for the sub

  13. සුපර් මෑන් කියන්නෙ පොඩි කාලේ ඉදලම මම ගොඩාක් ආස කරපු චරිතයක් සුපර් මෑන් හැම ෆිල්ම් එකක්ම මම අනිවර්යයෙන්ම බලනවා . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  14. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ…
    ෆිල්ම් දෙක තුනක් නැතිව අනිත් ඔක්කම බලල තියන්නේ…

  15. Thank You

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. Udara Damith Dissanayaka

    යකඩෝ මන් මේවගෙන් බාගයක් වත් නරබලා නෑ නි
    හනේ හනේ බනී බ නී
    ශිකේ මන් ගැනම ලැජ්ජයි
    den ඉතින් කාගෙන බැලිල්ලක් තම තියෙන්නේ
    ******
    එක නෙමෙයි
    අලුත් හෙයා ස්ටයිල් එක මරු හොදේ

  19. Thank u very much bro sub ekta…. good luck….

  20. සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු…
    ජය
    Luke cage season 2 සබ් දෙනවද අඩවියෙන්…

  21. හම්මට හසයියා නොවෑ සබ දීලා තියෙන්නේ..
    කාලයක් බලාන උන්නා හැබැයි… පරක්කුයි ඈ..
    ලිපියට තැන්ක්ස් වේවා සාමරයෝ.. සබටත් තැන්කු මාමි..

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති හසා අයියේ උපසිරසට..ගොඩ කාලෙකින් නේද උපසිරසක් අරන් ආවෙත්. මේක බාලා ගොඩක් දවස්. අනිවා සබ් එක දෙන නිසා නොබලා හිටියා. DC ෆිල්ම් වගේ නෙමෙයි ඇනිමේශන් ෆිල්ම්. ඒ ගැම්ම ජිවිතේට DC ෆිල්ම් එකක බලාගන්න බැරි වෙන එකයි දුක..

  23. Gathsara Umesh

    බොහෝම ස්තූතියි හසන්ත අය්යේ උපසිරැසියට…
    එවගේ ලිපියටත් චාමර සහෝ..

  24. Dilshan Gamage

    film eka download link ekakuth denna…

  25. Dilshan Gamage

    film eka download link ekakuth dena…